Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පුනරුත්තාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවනි වර කියවීමේදී වැඩි ඡන්ද 17කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා.

එමෙන්ම ඊට පක්ෂව ඡන්ද 23ක් සහ විපක්ෂව ඡන්ද 6ක් ලැබුණ බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර අද දින පාර්ලිමේන්තුවේදී දැඩි මත ගැටුමක් හට ගත්තා.

එහිදි අදහස් දැක්වූ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ සිරිගත කොට සිටි සරත් ෆොන්සේකා මහතාව ෆීල්ඩ් මාර්ෂල් ධූරයට පත් කරනු ලැබුවේ තමන් බවයි.

හමුදාපති ලෙස කටයුතු කරන අවධියේදී බොහෝ අවස්ථාවල ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක් වූ තමුන් ජාතික ආරක්ෂාව පිළිබඳ මා හට ඇඟිල්ල දිගු කරන්නේ කෙසේ දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා සිටියා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් තමන්ව සිරිගත කරන ලෙසට බොහෝ තැන්වල ප්‍රකාශ කළද ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සිය ඇස අහිමි කරගත් ඇය එසේ පවසන්නේ කෙසේද යන්නද මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. එහිදි යම් උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

https://www.vnews.lk/storage/2023/01/MAITHRIPALA-SIRISENA-EDIT.mp3?_=1

මේ එහිදි අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා.

https://www.vnews.lk/storage/2023/01/SARATH-FONSEKA-EDIT-.mp3?_=2

රට අර්බුදකයකට පත්ව ඇති මොහොතක විශාල ලෙස මුදල් වැය කරමින් නිදහස් උත්සවයක් පැවැත්වීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

හමුදා ආචාර පෙළපාලි තබමින් අපට සැමරීමට තරම් නිදහසක් නොමැති බවටයි උන් වහන්සේ අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/01/ATHURALIYE-RATHANA-HIMI-EDIT-.mp3?_=3

 

WhatsApp Group

Skip to content