Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සොල්දාදුවෙකුගේ පපුව ප්‍රදේශයේ සිරවී තිබු පුපුරා නොගිය ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බයක් ශල්‍යකර්මයකින් පසු සාර්ථකව ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත් වූ බව යුක්රේන හමුදාව පවසනවා.

ශල්‍යකර්මය අතර වාරයේදී ඕනෑම මොහොතක හමුදා සොල්දාදුවාගේ පපුවේ සිරවී තිබු බෝම්බය පුපුරා යා හැකි බැවින් මෙම ශල්‍යකර්මය අතිශයින් අනතුරුදායක එකක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් ශල්‍යකර්මය සිදු කිරීමේදී රෝගීයාගේ රුධිරය කැට ගැසීමට යොදා ගන්නා විද්‍යුත් රුධිර කැට ගැසීමකින් තොරව ශල්‍යකර්මය සිදුකිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුනා.

මෙම ශල්‍යකර්මය අතර වාරයේදී බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ නිලධාරින් දෙදෙනෙකුද ශල්‍යාගාරය තුල සිට තිබුනා.

මෙම ශල්‍යකර්මය යුක්රේන සන්නද්ධ හමුදාවේ වඩාත්ම පළපුරුදු ශල්‍ය වෛද්‍යවරයකුවන මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි වර්බා විසින් සිදු කළා.

සැත්කම සාර්ථක වූ බවත් රෝගියා සුවයෙන් පසුවන බව සඳහන්.

රුසියානු හමුදාව විසින් එල්ල කරන ලද ග්‍රෙනේඩ් ලෝන්චර් ප්‍රහාරයක් හමුවේ මෙම යුක්රේන සොල්දාදුවා දිවි ගලවාගෙන ඇත්තේ හාස්කමකින්.

WhatsApp Group

Skip to content