මෙවර යල කන්නයේ දී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් ලබාදීමේ යෝජනාව, අනුමැතිය සඳහා අද කැබිනට් මණඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිවී ඇති බවයි.
අදාළ යෝජනාවට මුදල් කමිටුවේ ද අනුමැතිය හිමි ව තිබෙනවා .

අමාත්‍යවරයා සඳහන් කළේ එම මුදල් යොදාගනිමින් යල කන්නයේ දී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට පොහොර මිලදී ගත හැකි බවයි.

එක් කන්නයකදී හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් පොහොර වවුචර් ක්‍රමය ක්‍රියාත්මක බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

WhatsApp Group

Skip to content