Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පේරු රාජ්‍ය තුළ හදිසි නීතිය පැනවීමට එරට බලධාරීන් ක්‍රියාකර තිබෙනවා.

එම තීරණය අනුව පොලීසියට විශේෂ බලතල පවරා ඇති අතර බොහෝ ජනතා ක්‍රියාකාරකම් සඳහා ද බාධක පමුණුවා ඇති බව සදහන් .

එරට තුළ රැස්වීම් පැවැත්වීමට ඇති නිදහස ද සීමා කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

හිටපු ජනාධිපති පෙඩ්රෝ කැස්ටිලෝ දෙසැම්බර් මස 7 වනදා දෝෂාභියෝගයක් මගින් බලයෙන් පහකිරීමෙන් අනතුරුව එරට බොහෝ ප්‍රදේශවල ගැටුම් ඇතිව තිබෙනවා .

එම ගැටුම් හේතුවෙන් මේ දක්වා 8දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සදහන් .

මෑතක සිට පේරු රාජ්‍යයේ දේශපාලන අස්ථාවර තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වනවා .

WhatsApp Group

Skip to content