Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බව වර්තවනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සමඟ ජනාධිපතිවරයා සිදුකළ සාකච්ඡාවකදී මේ පිලිබඳ අවධානයට ලක්ව ඇති බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරය සඳහා පසුකාලීනව පත් කිරීමට එහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ නිල සේවා කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content