පෑලියගොඩ, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ල පාලම අසලදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාව 51 හැවිරිදිවියේ පසුවන අතර, අනෙකුත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 සහ 22 යන වයස් වල පසුවනවා.

සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content