පොලිස් නිලධාරීන් 9,417 ක් ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මේ අනුව පොලිස් නිලධාරීන් 8,312 ක් සහ නිලධාරිනියන් 1,105 ක් ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කිරීමට නියමිතයි.

මේ වන විට පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා වන තනතුරුවල සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් මෙලෙස ඔවුන්ගේ මීළඟ නිලය දක්වා උසස් කිරීම් සිදුකිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content