Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 71කින් ජය ගන්නට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 189ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසනායේ කඩුලු 08ක් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 118ක් පමණයි.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන මීළග තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

WhatsApp Group

Skip to content