ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මේ අතර විනිමය හුවමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීමේ කාලය යළි දීර්ඝ කර තිබෙනවා.

බංග්ලාදේශ මහ බැංකුව නිවේදනය කළේ ශ්‍රී ලංකාවට අදාළ ණය ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබාදෙන බවයි.

පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් එම කාලය දීර්ඝ කිරීම සිදුකළ බවයි බංග්ලාදේශ මහ බැංකුව සඳහන් කළේ.

අදාළ ණය ගෙවීම සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් කර තිබූ අතර, එම ඉල්ලීම ඊයේ  බංග්ලාදේශ මහ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සලකා බලා තිබුණා.

එහි දී ඔවුන් ඒකමතිකව තීරණය කර ඇත්තේ මෙම ඩොලර් මිලියන 200ක ණය ගෙවීම සඳහා ලබන සැප්තැම්බර් මාසය දක්වා කාලය ලබාදීමටයි.

විදේශ සංචිත පහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකා රජය විනිමය හුවමාරු ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාගත්තේ 2021 වසරේ මැයි මාසයේදීයි.

එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ගෙවීමට නියමිතව තිබුණද රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ එය යළි ගෙවීමට නොහැකි වුණා.

 

WhatsApp Group

Skip to content