බදු ගෙවන ජනතාව අගය කිරීම හා දැනුවත්කිරීම සඳහා රටපුරා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එම වැඩසටහන් මාලාවේ පළමු වැන්න මෙ මස 23 වැනි දින කොළඹදී ආරම්භ කරන බව ද ඔහු සදහන් කළා.

එහි දී බදු ගෙවන්නන් සමග සංවාදශීලි සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ අදහස් ලබාගෙන සංවාදයක නිරතවන බව යි රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ .

මේ අතර ආබාධිතයන් භාවිතා කරන කිහිලිකරු, රෝද පුටු සහ ශ්‍රවණාධාරක ඇතුළු සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබෙනවා.

බදු අය කරන උපකරණවලින් වැඩි කොටසක කාණ්ඩ අංක ඇතුළත් ලේඛනයක්ද එම ලිපිය සමඟ යොමු කර තිබෙන බව සදහන් .

ආබාධිතයන් පාවිච්චි කරන සහයක උපකරණවල මිල ගණන් නව බදු සංශෝධන හේතුවෙන් සියයට 400 කින් පමණ වැඩිවී ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා .

WhatsApp Group

Skip to content