ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසනවා.

බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාව නිවැරදි කරගැනීමට බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යව තිබූ බවයි ඔවුන් පවසන්නේ.

පෞද්ගලික ආදායම් බදු සඳහා හඳුන්වාදී ඇති බදු අනුපාතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය බවත්, මෙම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ විශ්වාසය නැවත ඇති කර ගැනීමටද හැකිවනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

WhatsApp Group

Skip to content