බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය.

එම ආයතනය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මක භාවය, බෙදාහැරීම සහ අළෙවිය සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතර එමඟින් පාරිභෝගිකයන්ට සාධාරණ සේවාවක් සැපයීම අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content