ATM යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේදී ඒ පිළිබඳ තම ප්‍රදේශයේ පොලිසියද දැනුවත් කරන ලෙස පොලිස් මූලස්ථානය බැංකු හා මූලය ආයතනවලින් ඉල්ලා සිටිනවා.

එම කටයුතු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරන්නේ නම් එම යන්ත්‍රවල පවතින මුදල් එවන් අවස්ථාවල පැහැර ගත නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා අවධාරණය කළේ.

කුරුණෑගල, දුම්රිය පොළ ඉදිරිපිට රාජ්‍ය බැංකුවට අයත් ATM යන්ත්‍රයකින් පසුගිය සිකුරාදා පෙරවරුවේ මුදල් කොල්ල කා තිබුනේ ATM  යන්ත්‍රය අලුත් වැඩියා කිරීමට පැමිණි පිරිසක් ලෙස පෙනී සිටි මංකොල්ලකරුවන් කණ්ඩායමක් විසින්.

ඒ පිළිබඳ කරුණු දක්වමින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පෙන්වා දෙන්නේ ආයතනික මට්ටමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගත යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/02/ATM.mp3?_=1

WhatsApp Group

Skip to content