Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ගුජරාට් කණ්ඩායම පරදා කඩුළු 09ක ජයක් වාර්තා කිරීමට බැංගලූරූ කණ්ඩායම සමත් වුණා.
එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 200ක් රැස් කළා.
එහිදී ෂායි සුදර්ශන් නොදැවී ලකුණු 84ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරූ කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ විල් ජැක්ස් පන්දු 41දී නොදැවී ලකුණු 100ක් සහ විරාත් කෝලි පන්දු 44දී නොදැවී ලකුණු 70ක් රැස් කිරීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content