Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රය භාවිත කර ඇත්තේ ඊට අදාළ සම්මතයන්ට යටත්ව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ගුවන් තොටුපොල ප්‍රභූ පර්යන්තය භාවිත කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 400 ක් ගෙවා තිබෙන බවයි එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එමෙන්ම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටියට අනුව ලබාගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2022/11/SAGARA-KARIYWASAM-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content