Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ගලපිටමඩ. දුනුමාල ප්‍රදේශයේදී සිය බෑණාගෙන් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය කියා සිටියේ දුනුමාල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුවීමෙන් පසු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් වන දුනුමාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණයට පත්වූ පුද්ගලයාගේ දියණියගේ සැමියා බීමත්ව නිවසට පැමිණ මරණකරු සමග ඇති කර ගත් පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

සැකකාර පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර මහේස්ත්‍රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගලපිටමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

WhatsApp Group

Skip to content