කුරුලු උණ රෝගය නොමැති රටවලින් පමණක් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

බිත්තර ආනයනය හරහා ශ්‍රී ලංකාවේ කුරුලු උණ රෝගය පැතිර ගියහොත් මෙරට ආර්ථිකයට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණු පෑමට සිදුවනු ඇතැයිද එම සංගමයේ සභාපති වෛද්‍ය ඩිලාන් සතරසිංහ මහතා පැවසුවා.

එමෙන්ම තායිලන්තය, මැලේසියාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, බ්‍රසීලය සහ ඇමෙරිකාව වැනි රටවල කුරුලු උණ රෝගය වාර්තා නොවන බවද ඔහු පැවසුවා.

ඒ අනුව කුරුලු උණ රෝගය වාර්තා නොවන රටවලින් පමණක් බිත්තර ආනයනය කරන්නැයි දැනටමත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ තම සංගමය රජයට උපදෙස් ලබා දී තිබෙන බවයි වෛද්‍ය ඩිලාන් සතරසිංහ මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content