බිත්තර මිල ඉහළ යාම හමුවේ ජනතාව දැඩි අර්බුදයකට පත්ව ඇති බව සමස්ත ලංකා ගොවි ජන සංවිධානයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසනවා.

රට, බිත්තර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වී තිබුණද පැවති ආර්ථික අර්බුදය හමුවේ එම කටයුතු අර්බුදකාරි තත්ත්වයක් කරා ගමන් කළ බවයි ඒ මහතා කියා සිටියේ.

බොහෝ රටවල්වල පවතින කුරු`ඵ උණ වසංගතය හේතුවෙන් බිත්තර ආනයනයද අවධානම්කාරී බවයි නාමල් කරුණාරත්න මහතා වැඩි දුරටත් පැවසුවේ.

 

https://www.vnews.lk/storage/2023/02/NAMAL-KARUNARATHNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content