දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලින් ඉදිරිපත් කෙරුණු ”බොරු මත්ද්‍රව්‍ය සාම්පල” පරික්ෂා කිරීම සඳහා රුපියල් තුන්කෝටි හැට ලක්ෂයකට වැඩි මුදලක් අපතේ ගොස් ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් පොලිස් ස්ථානවලින් පසුගිය වසරේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සාම්පල 16,479 කින් සාම්පල 1035 ක කිසිදු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇතුළත් නැති බව අනාවරණය වී තිබුනා.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සිදුකල විමර්ශනයකදී මේ පිලිබඳ වාර්තා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content