භූ කම්පනයෙන් විනාශ වූ ගොඩනැගිලිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තුර්කි බලධාරීන් තීරණය කර තිබෙනවා.

එරට අධිකරණ අමාත්‍යංශය පවසන්නේ ගොඩනැගිලි කඩාවැටුණු ප්‍රදේශවල බහුතර ගොඩනැගිලිවලට කම්පනයෙන් හානි සිදුව නොමැති බවයි.

කෙසේ වෙතත් ගොඩනැගිලි 6500ක් පමණ විනාශ වී තිබෙනවා.

නිවාස අහිමි වුවන්ට වසරක් ඇතුලත නව නිවාස ඉදි කර දෙන බව තුර්කි ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා.

තුර්කියේ සහ උතුරු සිරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 12,000 ක් පමණ මියගොස් ඇති බව මේ වන විට තහවුරු කර තිබෙනවා.

තුවාල ලබා ඇති ගණන 49 දහසක්.

WhatsApp Group

Skip to content