Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15 000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

තුර්කියට බලපෑ භූ කම්පන තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමේදී යම් කිසි දුර්වලතාවයක් සිදු වූ බව තමන් පිළිගන්නා බවයි එරට ජනාධිපති ටායිප් එඩෝගන් ප්‍රකාශ කර ඇත්තේ.

භූ කම්පාවෙන් විනාශයට පත් වූ ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා විදෙස් මාධ්‍ය වෙත මෙම අදහස් පළ කර ඇත්තේ.

තුර්කියේ විපක්ෂය පවසන්නේ අදාළ ව්‍යසනයේ වගකීම ජනාධිපතිවරයා විසින් භාරගතයුතු බවයි.

අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ටායිප් එඩෝගන් පවසන්නේ ඇතැමුන් පවතින තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ගැනීමට විවිධ ප්‍රකාශ සිදු කළද ඒවාට මුලා නොවන ලෙසයි.

WhatsApp Group

Skip to content