රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා ග්රැම් 650 ක් බරැති මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ දී සොයාගෙන තිබෙනවා.

මෙක්සිකෝ රාජ්‍යයේ සිට මාතර ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට ගුවන් තැපැල් මගින් එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලැබුවා.

ගුවන් තැපැල් පාර්සලය පිළිබඳ සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ඉදිරිපිට විවෘත කර තිබෙනවා.

ගුවන් තැපැල් පාර්සලය භාර ගැනීමට පැමිණි පුද්ගලයා රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content