ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, වයින්, බියර් ආදී සියලු වර්ගවල නිෂ්පාදන බද්ද සියයට විස්සකින් ඉහළ දමා තිබෙනවා.

මේ අනුව විශේෂ අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 206 කින් ඉහළ නංවා ඇති අතර ඉන් අය කෙරෙන නව බද්ද රුපියල් 1,256 ක්.

එමෙන්ම පොල්, තල් සහ පදම් කළ අරක්කු බෝතලයක් සඳහාද පනවා තිබු බද්ද රුපියල් 224 කින් ඉහළ දමා තිබෙනවා.

දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 266 කින් ඉහළ දමා ඇති අතර මධ්‍යසාර ප්‍රතිශතය හතරයි දශම අටක් වන බියර් බෝතලයක බදු මුදල රුපියල් 21 කින්ද ඉහළ දැමුණා.

එමෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය සියයට අටයි දශම අටක් වන බියර් බෝතලයකට පනවා ඇති බද්ද රුපියල් 39 කින්ද ඉහළ නංවා තිබෙනවා.

මේ අතර වයින් බෝතලයක් සඳහා පනවා තිබු බද්ද රුපියල් 50 කින් ඉහළ නැංවීමත් සමග ඉන් අය කෙරෙන නව බදු මුදල වන්නේ රුපියල් 297 ක්.

මීට අමතරව දුම්වැටි බදුද සියයට විස්සකින් ඉහළ දමා තිබෙනවා.

මේ අනුව රුපියල් 90 ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 105 ක් වනු ඇති.

තවද රුපියල් 85 ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 100 ක් වන අතර රුපියල් 70 කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 80 ක් දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම රුපියල් 60 කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 70 ක් දක්වා ඉහළ යනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා.

මේ අතර මිලිමීටර් 60 ට නොවැඩි, රුපියල් 15 කට පැවති දුම්වැටියක් රුපියල් 24 ක් දක්වා මිල ඉහළ නැංවෙනු ඇති බවද වාර්තා වනවා.

මීට අමතරව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සෑම බීඩියක් සඳහාම රුපියල් දෙකක බද්දක් ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා තිබෙනවා.

WhatsApp Group

Skip to content