මන්නාරම ප්‍රදේශයේ ළමයින් පැහැරගෙන යාමේ උත්සහයක් පිළිබඳව පැතිර ගිය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

ඔවුන් දෙදෙනා ළමයින් පිරිසකට චොකලට් ලබාදීමට උත්සාහ කර ඇති අතරල එම දරුවන් බියවී දුවගොස් තිබුණා.

පසුව මේ පිළිබඳව පොලිසියට ලද තොරතුරකට අනුවයි ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ඉදිරි පරික්ෂණ ක්‍රියාත්මකයි.

පසුගිය දිනවල ළමයින් පැහැරගැනීමේ උත්සහයක් පිළිබඳ පැතිර ගිය ප්‍රචාර හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ පාසල් අසළ ආරක්ෂාව ද තර කෙරුණා.

WhatsApp Group

Skip to content