මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කළ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලීසිය මේ වනවිට අධිකරණ නියෝග ලබාගෙන තිබෙනවා.

ඒ අනුව දුරකතන ඇමතුම් මඟින් පළමුව තර්ජන එල්ල වූ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන එස්.බී. දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ සිදුකළ පැමිණිලි මත දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/01/NIHAL-THALDOWA-EDIT-.mp3?_=1

මේ අතර, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන එම්.එම්.මොහොමඩ්ගේ නිවසටත් පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගැනුණා.

ඒ, කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත්වන ලෙස පවසමින් පෙරේදා රාත්‍රියේ ඔහුට ලැබුණු තර්ජනාත්මක ඇමතුමකින් පසුවයි.

තමන් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඔහු ප්‍රකාශ කළා.

කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු වන එස්.බී. දිවාරත්නට සහ කේ.පී.පී. පතිරණට මරණ තර්ජන එල්ල වූ සිද්ධිය වාර්තා වුණේ පසුගිය 19 වනදායී.

WhatsApp Group

Skip to content