Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනා ඊයේ සිට දින 21ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා .

පසුගිය දා අමාත්‍ය මණ්ඩලය විසින් මෙම වසර සඳහා සියයට 66.2 ක ගාස්තු ඉහළ දැමීමක් විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම් සලකා බලා යෝජනා කිරීමටයි කටයුතු කලේ .

එම කොමිසන් සභාව දැනුම් දෙන්නේ ගාස්තු සංශෝධනයට අදාළව ගැටලු හෝ බලපෑම් තිබේනම් ඒවා ලිඛිත ව දැනුම් දෙන ලෙසයි .

මේ අතර මහජන උපයෝගිතා කොමිසම විසින් අද සහ හෙට දිනවල විදුලි කප්පාදුව සිදු කිරීම සදහා අවසර ලබා දී තිබෙනවා .

ඒ අනුව විදුලි බල මණ්ඩලයට , කොමිසම විසින් මෙලෙස විදුලි කප්පාදුව සදහා අවසර ලබා දී ඇත්තේ පැය 02යි විනාඩි 20 කාලයක් සදහායි .

මෙහිදී දහවල් කාලයේ පැයක් සහ රාත්‍රි කාලයේ පැය 01යි විනාඩි 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි .

WhatsApp Group

Skip to content