මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලයට නැවතත් ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17 වන දින දක්වා කාලය තුළ විදුලි බලය විසන්ධි කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින්.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ලිපියෙන් පෙන්වා දෙන්නේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් තුන් ලක්ෂ තිස් එක් දහස් හත්සිය නවදෙනෙකුගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සැමගේ වගකීම බවයි.

එමෙන්ම ජනවාරි 26 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා විදුලි බලය විසන්ධි කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලබා දිය යුතු අනුමැතිය ලංකා විදුලිබල මණ්ඩලයට ලබා නොදෙන බවද සභාපතිවරයා පවසනවා.

එම කාලය තුළදී විදුලිය විසන්ධි කළහොත් ලංකා විදුලිබල මණ්ඩලය ඊට නීතිමය වශයෙන් වගකිවයුතු බවයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් 43වන සේනාංකයේ සාමාජික සජිත් දුමින්ද පීරිස් මහතා පවසන්නේ නිදහස් උත්සවය සඳහා වෙන් කර ඇති මුදල් විදුලිය සඳහා වැය කර අඛණ්ඩව විදුලිය ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

නොඑසේනම් විදුලිබල අමාත්‍යවරයා සිසුන්ගේ ශාපයට ලක්වනු ඇති බවටයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

https://www.vnews.lk/storage/2023/01/43-SENANKAYA.mp3?_=1

මේ අතර මානව හිමිකම් කොමිසම සමඟ පැවති සාකච්ඡාවේදී විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකුට බලපෑම් කර ලියකියවිල දෙකකට අත්සන් තබා ගෙන ඇති බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් චෝදනා කර සිටිනවා.

මේ පිළිබඳව චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ද කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content