Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් අද දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා.

එහිදි සභාපතිවරයා කියා සිටියේ ඊයේ දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සඳහා තමන්ට ඇරයුම් නොකළ බවයි.

එමෙන්ම විදුලි බිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමා එකඟ නොවූ බවත් එමෙන්ම තමන් සමඟ සිටි අධ්‍යක්ෂ මණ්ඩලය ද එයට එකඟ වී සිටියදී ජනාධිපතිවරයා ඉදිරියේ එය පිළිනොගන්නා බවට පැවසීමත් කණගාටුදායක බවයි ජනක රත්නායක මහතා කියා සිටියේ.

ආර්ථික පීඩනයෙන් විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව පාරිභෝගිකයන් රැසකගේ විදුලි පරිභෝජනය අඩු වී ඇති බවත්, බොහෝ විසන්දි වීම් මේ වන විට සිදු කර ඇති බවත් ජනක රත්නායක මහතා කියා සිටියා.

විදුලි මිල සංශෝධනය නිසි ආකාරයකින් සිදු නොකර එක්වරම එය ජනතාව පිට පැටවීම මඟින් ඉදිරියේදී විදුලි පාරිභෝගිකයින් වෙනත් විකල්ප සොයා ගනු ඇති බවටයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම විදුලි මිල සංශෝධනය සම්බන්ධයෙන් ගෙන එන ලද කැබිනට් තීරණයට එරෙහිව තමන් විසින් ජනතාව වෙනුවෙන්, ඉදිරි සතියේදී අධිකරණයේ පිහිට පැතීමට කටයුතු කරනු ඇති බවටයි ජනක රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/01/JANAKA-RATHNAYAKE-EDIT-1.mp3?_=1

මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා

https://www.vnews.lk/storage/2023/01/JANAKA-RATHNAYAKE-EDIT-02-1.mp3?_=2

 

WhatsApp Group

Skip to content