ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය , මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ දී දේව කන්නලව්වක නිරත වී තිබෙනවා.

එම සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ සිය වෘත්තිය ගැටළුවලට විසදුම් ඉල්ලා මෙලෙස දේව කණ්නලව්වක නිරත වු බවයි.

සේවා ව්‍යවස්ථාව සහ දීමනා ගැටළුවලට මැයි 08 වනදාට පෙර රජය විසදුම් ලබා නොදුනහොත් සමස්ත ග්‍රාම නිලධාරී ප්‍රජාව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි නන්දන රණසිංහ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content