වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ඉල්ලීම මත සුහුරු කෘෂිකර්මාන්තය හරහා මහවැලි ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම ආසියානු සංවර්ධන බැංකුව ලබා දී ඇති ඩොලර් මිලියන 10 ක මුදල් ප්‍රතිපාදන මත සුහුරු තාක්ෂණ (SMART AGRICULTURE PACKAGE) භාණ්ඩ කට්ටල ලබා දීම ආරම්භ කෙරේ.

වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්‍යාල ශ්‍රවණාගාරයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප ජනතාව සඳහා මෙම සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම මුලින්ම ආරම්භ කරනු ලැබීය.
මෙම වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි ගොවි පවුල් 465 ක් සඳහා සුහුරු තාක්ෂණ උපකරණ කට්ටලය බැගින් ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව කොට්ඨාසයේ ගොවි නියාමකයින් සියදෙනෙකු ට සංකේතාත්මකව සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටල ප්‍රදානය කෙරිණි.

එක් සුහුරු තාක්ෂණ භාණ්ඩ කට්ටලයක වටිනාකම රුපියල් ලක්ෂ 05 ක් වන අතර එවැනි භාණ්ඩ කට්ටල 100 ක් මෙලෙස බෙදා දෙන ලදි.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ මහවැලි කලාප වල බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන්
වැඩි දිවුණු කළ, උසස් ආරයේ කිකිළි පැටවුන් 20000 ක්, බෙදා හැරීමට ද පියවර ගෙන තිබේ.

ඒ අනුව වලව චන්ද්‍රිකා වැව මහවැලි කොට්ඨාසයේ දැනට කුකුළු ගොවිපළ පවත්වා ගෙන යාම සඳහා සූදානම් වී සිටින තෝරාගත් ප්‍රතිලාභීන් 41 ක් සඳහා වැඩි දියුණු කළ, උසස් ආරයේ කිකිළි පැටවුන් 50 බැගින් සංඛේතාත්මකව ප්‍රදානය කිරීම සිදුකෙරිණි.

WhatsApp Group

Skip to content