Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.

ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් අළු බදාදායින් ඇරඹුනු චතාරික සමය දින 40ක් පුරා ක්‍රියාත්මක අතර නිරාහාර ශිලය, දාන මාන සහ ගොඩමස් කැමෙන් වැළකී කිතුසමිදානන්ගේ කුරුස ගමන අද සිහිපත් කෙරෙනු ඇති.

අදාළ දින 40 තුළ පාද නමස්කාරය ඇතුළු ආගමික වතාවත් වල යෙදෙමින් කිතුනුවන් ජේසුස් වහන්සේගේ දිවි පිදිමේ යාගය සිහිපත් කරමින් තම ඉල්ලීම් යොමු කිරිම කිතුනුවන්ගේ සිරිතක්.

දෙව් පුත් කිතු සමිදානන් මිනිසා පවින් මුදාගැනිම වෙනුවෙන් සිය දිවිපිදිම කිතුණු බැතිමතුන් සමරන්නේ දුක් ප්‍රාප්ති දේව මෙහෙයවන්වලට එක්වෙමින් සිදුකරනු ලබනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දිනය අනිද්දාට යෙදී තිබෙනවා.

WhatsApp Group

Skip to content