මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ අද පස්වරුවේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේ සර්වඥ ධාතු පෙරහැර හේතුවෙන් මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

සර්වඥ ධාතු පෙරහැර අද පස්වරු 03 ට තිහගොඩ පාසල අසලින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එම පෙරහැර මාතර – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ මිදෙල්ලවෙල විහාරස්ථානය දක්වා ගමන් කෙරෙනු ඇති.

ඒ අනුව අදාළ කාලය තුළ තිහගොඩ සිට මාතර දෙසට ගමන් ගන්නා රථවාහන මාර්ගයේ වම් මංතීරුව භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

එමෙන්ම මාතර සිට කඹුරුපිටිය දෙසට ධාවනය වන සියලුම රථවාහන අනෙක් මංතීරුව ඔස්සේ ගමන් කළ යුතු බව පොලිසිය සදහන් කළා.

පෙරහැර ගමන් ගන්නා කාලය තුළ අදාළ මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කරන අතර හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content