Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මාතර, මිදිගම, බැබිල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් ඇති අතර, පසුව වෙඩි වැදුනු පුද්ගලයා මාතර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසිය සදහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ පදිංචි අවන්හල් හිමිකරුවෙක් බව අනාවරණය වී තිබෙනවා.

මේ අතර මෙම වෙඩි තැබීම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන මිදිගම නදුන් චින්තක නොහොත් හරක් කටාගේ අනුගාමිකයින් විසින් සිදු කර ඇති බවද සදහන් වනවා.

සිද්දිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content