දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් නිල් සහ කහ පැහැති මැකෝ ගිරව් 4දෙනෙකු හා නිල් පැහැති ගව පැටවුන් දෙදෙනෙකු අද සිට මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා.

පසුගිය සිකුරාදා උපත ලද නිල් ගව පැටවුන් දෙදෙනා ඉන්දියාවේ ක්ෂීරපායි සත්ත්ව විශේෂයක් වන ඇන්ටිලෝප් වර්ගයට අයත් ගව විශේෂයක්.

එමෙන්ම , මීට මාස 2ට පෙර උපත ලද නිල් සහ කහ මැකෝ ගිරවුන් සිව්දෙනා දකුණු අමෙරිකානු කලාපීය රටවල්වල වාසය කරන සත්ත්ව වර්ගයක් වන බවයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිනා දිනුෂිකා මානවඩු මහත්මිය පැවසුවේ.

WhatsApp Group

Skip to content