Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව පාර්ශවයෙන් මන්ත්‍රිවරු 25 ක් පමණක් පාර්ලිමේන්තුවට පැමිණෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

සමීක්ෂණ අනුව ආණ්ඩුවට ප්‍රසාදය තිබෙන්නේ 3 % ක් පමණක් බවද මන්ත්‍රිවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළා.

https://www.vnews.lk/storage/2022/11/LAXMAN-KIRELLA-EDIT-.mp3?_=1

මේ අතර පාලකයින් මහා සංඝරත්නයට අපහාස වන ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළා.

https://www.vnews.lk/storage/2022/11/SAJITH-PREMADASA-EDIT-1-2.mp3?_=2

එමෙන්ම විපක්ෂනායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2022/11/SAJITH-VS-PRASANNA-EDIT-.mp3?_=3

මේ අතර අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තම නොහැකියාව වසා ගැනීම සඳහා ජනතාව කුපිත කරවමින් නැවත පෙළපාලි යාමට උත්සහ කරන බවයි.

https://www.vnews.lk/storage/2022/11/DAYANA-GAMAGE-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content