පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් සදහා වැටුප් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මාර්තු 09 වන දා සිට අප්‍රේල් මස 25 වන දා දක්වා වූ මූලික වැටුප ගෙවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/04/JANAKA-VS-JAGATH-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content