මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කළ සියලු දෙනා නීතිය හමුවට ඒකාන්ත වශයෙන්ම ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ නාවලපිටිය නගරයේ පැවැති ජනරැළියකට අද(15) පෙරවරුවේ එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස කියා සිටියා.

පොහොර තහනම් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් අදූරදර්ශී තීන්දුව සමග හිට ගනිමින් මෙරට ගොවි පරපුර විනාශ කිරීමට කටයුතු කළේ කවුද කියා රටම දන්න බව පැවසූ විපක්ෂවරයා, අද අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් සිදු කරමින් මැතිවරණය පවා කල් දැමීමට කටයුතු කරමින් සිටින බවද කියා සිටියා.

WhatsApp Group

Skip to content