මැතිවරණය කල් දැමීමට ඉඩ ලබා නොදෙන බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා .

අද පැවති මාධ්‍ය හමුවකදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කලේ මැතිවණය කල් දැමීමට එරෙහිව ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවයි .

https://www.vnews.lk/storage/2023/01/ROHANA-HETTIARACHCHI-EDIT-01-.mp3?_=1

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පල වුනා .

https://www.vnews.lk/storage/2023/01/MIX-EDIT.mp3?_=2

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය පොදු ලකුණක් යටතේ තරග කරන පළාත් පාලන ආයතන මොනවා ද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂය මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණින් ද ඇතැම් ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම ඟ එක්ව පොහොට්ටුව ලකුණින් ද ඇතැම් ආයතන සඳහා පක්ෂ දෙක ම පොදු ලකුණකින් ද තරග කිරීමට නියමිත බව ඔහු සඳහන් කලා.

WhatsApp Group

Skip to content