Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මුදල් ඉල්ලා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යවරයා වෙත යැවූ ලිපියට තවමත් පිළිතුරක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා.

කෙසේ වෙතත් ඔහු කියා සිටියේ මැතිවරණයට අදාළ මුදල් ප්‍රතිපාදන රජයෙන් ලැබෙනු ඇති බවට තවදුරටත් කොමිෂන් සභාව විශ්වාස කරන බවයි.

පසුගිය 12 වන දා ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයා වෙත යළිත් ලිපියක් යොමු කරනු ලැබුවා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සදහා සෘජු තීරණ ගැනීමට නොහැකි බවත්, ඒ සදහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය යුතු බවයි.

මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මේ මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දා දක්වා කල් දමනු ලැබුවා.

කෙසේ වෙතත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා කියා සිටියේ මැතිවරණය පැවැත්විය හැකිද යන්න තවමත් නිශ්චිත නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/03/NIMAL-PUNCHIHEWA-EDIT-.mp3?_=1

අද දිනයේදී ද මැතිවරණ කොමිෂන් සභාව විසින් රැස්වීමක් කැදවනු ලැබුවා.

WhatsApp Group

Skip to content