මැතිවරණය සදහා අයවැයෙන් මුදල් වෙන් කර තිබියදීත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මෙතෙක් මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා.

https://www.vnews.lk/storage/2023/02/CHAMINDA-WIJESIRI-EDIT-1-1.mp3?_=1

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සදහන් කළේ මැතිවරණය නොපැවැත්විම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එම සංවාදයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා ද එක් වුණා.

https://www.vnews.lk/storage/2023/02/KATHNAYAKE-VS-PRASANNA-EDIT.mp3?_=2

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේ විපක්ෂය විසින් නිවැරදි ප්‍රතිපත්තියක් ගෙන එන්නේ නම් තමන්ගේ ඡන්දයද මාලිමාවට හෝ දුරකථනය සලකුණට ලබා දෙන බවයි.

https://www.vnews.lk/storage/2023/02/THISSA-KUTTIARCHCHI-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content