Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අයදුම්පතක් යොමු කළ බව, මැතිවරණ කොමිසමේ වත්මන් සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළා.

නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ, මැතිවරණ නීතියට අදාළව තමන් ඇතුලු වත්මන් කොමිසම සකස් කළ පනත් කෙටුම්පත් රැසක් සම්මත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමේ අරමුණින් අදාළ අයදුම්පත යොමු කළ බවයි.

ඊට අමතරව සිවිල් සංවිධාන රැසක් ද තමාට යළි මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට අයදුම් කරන්නැයි ඉල්ලා සිටි බවයි ඔහු කියා සිටියේ.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා තමා ද යළි අයදුම් කළ බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා සඳහන් කලා.

මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, සීමානිර්ණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහාද තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අයදුම්පත් යොමු කළ බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන්

https://www.vnews.lk/storage/2023/03/MIX-EDIT-1-5.mp3?_=1

WhatsApp Group

Skip to content