Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ යළි රැස්වීමට නියමිතව තිබෙනවා .

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන අප්‍රේල් මස 04 වන දින කොමිෂන් සභාව යළි රැස්වීමට නියමිත බවයි .

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද දිනයේ ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද එය දින නියමයක් නොමැතිව කල් දමන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළා .

ඒ අනුව අප්‍රේල් මස 25 වන දින පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ද නොපැවැත්වෙනු ඇති බව සදහන් .

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව අදාළ සාකච්ඡාව ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

WhatsApp Group

Skip to content