මැතිවරණ වියදම් නියාමනය පනතෙහි අඩුපාඩු පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පනත සම්බන්ධයෙන් කොළඹ පැවති මහජන කථිකාවතට එක්වෙමින්
මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එක්ව එය සංවිධාන කර තිබුනා.

කෙසේ වෙතත් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා.

මේ අනුව එම පනත් කෙටුම්පත පසුගිය 24 වැනිදා සිට බලාත්මක වනු ඇති.

මැතිවරණ අපේක්ෂකයන් වැය කරන මුදල් – සීමා කිරීම සඳහා මෙම පනත මගින් විධිවිධාන සලසා තිබෙනවා.

මීට අමතරව පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතටද කතානායකවරයා සිය සහතිකය සටහන් කරනු ලැබුවා.

බොහෝ වාද විවාදවලට තුඩු දුන් මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුනා.

WhatsApp Group

Skip to content