Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මැතිවරණ වියදම් රෙගුලාසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත්වූ ශේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර තිබෙනවා.

මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩී.එම්. දසනායක මහතා විසින් ගොනු කළ පෙත්සමක් ඊයේ සලකා බැලු අවස්ථාවේදී පෙත්සම්කරු කියා සිටියේ මැතිවරණ සඳහා තරග කරන අපේක්ෂකයෙකුට ලැබෙන මුදල්, පරිත්‍යාග සහ වියදම් පිළිබඳ විගණනය කිරීමේ බලතල යෝජිත පනත් කෙටුම්පත තුළින් පවරා නොමැති බවයි.

එමෙන්ම යම්කිසි අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රචාරණ, ප්‍රවර්ධන සහ වියදම් සිදු කිරීමේ හැකියාව තුන්වන පාර්ශ්වයකට ලබාදී ඇති අතර එය යහපත් තත්ත්වයක් නොවන බවද පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

යෝජිත පනත් කෙටුම්පතෙන් සඳහන් කර ඇති වැරදි සඳහා පනවනු ලබන දඬුවම් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරු යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතේ වගන්ති උල්ලංඝනයවීමක් සිදුවන බවද සඳහන් කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත මෙවැනි ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවද පෙත්සම්කරු පෙන්වා දෙනවා.

මේ අනුව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය දැනුම් දී ඇත්තේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කරමින් එහි රහසිගත නිගමනය කථානායකවරයා වෙත දැනුම් දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content