උතුරු නැගෙනහිර පළාත් වල මියගිය ගවයන් සහ එළුවන් සම්බන්ධව රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය ගවයන් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසන්නේ.

මෙම සත්ව මරණ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබෙනවා .

නැගෙනහිර හා උතුරු වෙරළ තීරය ආශ්‍රිතව ඇති වු තද ශීතල කාලගුණික තත්ත්වය දරා ගැනීමට නොහැකිව මෙම සතුන් මිය ගියේද නැතහොත් මෙම සතුන් වෙනත් වසංගත තත්ත්වයක් නිසා මිය ගියේද ? යන්න තහවුරු කර ගැනීම සඳහා මරණයට පත් සතුන්ගේ සාම්පල පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත යවා තිබෙනවා .

මේ අතර දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ උපදෙස් ලබා දුන්නා .

WhatsApp Group

Skip to content