Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාතික ජනබලවේගයේ විරෝධතාවයට එක්ව අසනීප තත්වයක් හේතුවෙන් ජාතික රෝහලේ මිය ගිය එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අනතුරුව දේහය මරණකරුගේ පුත්‍රයා වෙත මුදා හරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

කදු`ඵ ගෑස් ප්‍රහාර හේතුවෙන් ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් නිමල් අමරසිරි මහතා ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියා.

මහේස්ත්‍රාත් පරීක්ෂණය සදහා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද දින ජාතික රෝහලට ගොස් දේහය පරීක්ෂා කොට නියෝග කළේ එය භූමදානය සදහා පමණක් මුදා හරින ලෙසයි.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව සුදුස නියෝගයක් නිකුත් කිරීමට එම නඩුව මාර්තු 10 වනදා කැදවන ලෙසයි නියෝග කර ඇත්තේ.

ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ සිය පක්ෂයේ අපේක්ෂකයාගේ මරණය ඝාතනයක් බවයි.

https://www.vnews.lk/storage/2023/02/ANURA-KUMARA-EDIT-1-3.mp3?_=1

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ විරෝධතාවලදී සිදු වන අනතුරු සුලභ දෙයක් වන බවයි.

https://www.vnews.lk/storage/2023/02/BANDULA-GUNAWARDHANA-EDIT-01-1.mp3?_=2

WhatsApp Group

Skip to content