Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරු සහ නැගෙනහිර පළාත්වල මියගිය ගවයින් සහ එළුවන් වෙනුවෙන් වන්දි ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා .

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, මියගිය සත්ත්වයින් වෙනුවෙන් වන්දි ලබාදීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා .

උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් හා එළුවන් මියයාමට හේතුව අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා .

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට ගවයින් හා එළුවන් 1800 කට අධික සංඛ්‍යාවක් මෙලෙස මියගොස් ඇති බවයි.

WhatsApp Group

Skip to content