මීට දින 06 කට පෙර අතුරුදන් වූ පුද්ගලයකුගේ නරක් වූ  මළ සිරුරක් එප්පාවල පොලිස් වසමේ, යෝධ ඇළගම ගම්මාන‌යේ පෞද්ගලික ඉඩමක කපා තිබූ බොරලු වලක  තිබී අද (06) පෙරවරුවේ එප්පාවල පොලීසිය සොයා ගෙන තිබුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල, යෝධ ඇළගම පදිංචිව සිටි මූනා අලගන් (79) එක් දරු පියෙකි.
මෙම පුද්ගලයා පසුගිය 01 වැනි දින පස්වරුවේ සිට ආගිය අතක් නොමැති බවට ඔහුගේ පුතු විසින් එප්පාවල පොලිස් ස්ථානයට පසුගිය 03 වැනි දින පැමිණිල්ලක්ද සිදු කර ඇති අතර, ඔහු සම්බන්ධයෙන් සොයා බැලූවද පසුගිය දින කීපය පුරාවට, කිසිදු තොරතුරක් නොමැතිව සිටියදී අද (06) පස්වරුවේ පොස්පේට් රක්ෂිතයට දර කැඩීමට යමින් සිටි පුද්ගලයකුට  දුගඳක් ආග්‍රහණය වීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී පෞද්ගලික ඉඩමක මායිමේ පිහිටි මීට වසර කීපයකට පෙර කැපූ බොරලු වලක් තුළ මෙම පුද්ගලයාගේ මළ සිරුර තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය දැනුම්වත් කර ඇත.

මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර අඩි 10 ක් පමණ වන  පැරණි බොරලු වල තුළ උඩුබැලි අතට තිබූ අතර, මළ සිරුර දැඩි ලෙස නරක් වී මැස්සන්ගෙන් හා පණුවන්ගේ ග්‍රහණයට නතු වී තිබුණි.

මිය ගිය පුද්ගලයා ඇස් නොපෙනෙන , කන් ඇසෙන්නේ නැති පුද්ගලයෙකු බවත්, මීට මාස 11 කට පමණ පෙර මිය ගිය පුද්ගලයාගේ බිරිඳද මිය ගිය බවත්,එතැන් පටන් ඔහු යම්කිසි කම්පන තත්වක පත් වූ බවත්, මිය ගිය සිය බිරිඳ පිළිබඳව නිරන්තරයෙන් විමසා සිටින බවත් ප්‍රදේශවාසීන් පැවසුවා.

බිරිඳ සොයා ඔහු තැන තැන ඇවිදින බවද එසේ යමින් සිටියදී මෙලෙස බොරලු වලට වැටෙන්නට ඇතැයි සැක කරන බවද, වල තුළට වැටී ගොඩ එන්නට නොහැකි වී මිය යන්නට ඇතැයි සැක කරන බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

සිද්ධිය වූ ස්ථානයට තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර ශීක්ෂණ රෝහලේ  අධිකරණ  වෛද්‍යවරයා වෙත  රැගෙන යන ලෙස පොීසියට නියෝග කරනු ලැබුුුවා.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

 

WhatsApp Group

Skip to content