Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මුදලට පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දෙන කල්ලියක ප්‍රභලයින් සිව්දෙනෙකු යාපනය පණිප්පුලම් සහ සංගානෙයි ප්‍රදේශයන්වලදී අත්අඩංගුවට ගත් බවට යාපනය කොටඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා.

පසුගිය පෙබරවාරී 26 වනදා ඉලවාලෙයි පොස් වසමේදී කෝවිලක් අසලදී පුද්ගලයෙකුට බරපතල ලෙසින් තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකල පුද්ගලයින්ද මෙම කල්ලියට අයත් බවටත් අදාල කල්ලියට මෙම පහරදීම සඳහා කැනඩාවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලැබී ඇති බවටත් පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් කෝවිල අසලදී සිදුවූ පහරදීම සම්බන්ධයෙන් සිදුකරන ලද පුලුල් පරික්ෂණයකින් අනතුරුව අදාල සැකකරුවන් පණිප්පුලම් සහ සංගානෙයි ප්‍රදේශයන්හීදී සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුව ගන්නා අවස්ථාවේදී එක් සැකකරුවෙකු සඟවාගෙන සිටි තියුණු කඩුවක් අතුලු යකඩ ආයුධ කිහිපයක්ද සොයාගෙන ඇති අතර යතුරුපැදියක්ද පොලිස් භාරයට ගැනුණා.

අදාල කල්ලිය විසින් යාපනය දිස්ත්‍රීක්කයේ මීට පෙරද අවස්ථා කිහිපයකදීම පුද්ගලයින්ට හා දේපලවලට පහරදීම් කර ඇති බවටත් අදාල ප්‍රහාරයන් සඳහා මෙම කල්ලිය විසින් පළමුව මුදල් කොන්ත්‍රාත්තු ලබාගෙන සිදුකරන බවටත් තොරතුරු අනාවරනය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පණිප්පුලම් සහ සංගානෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද යාපනය කොට්ඨාශ භාර අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් පවසනවා.

WhatsApp Group

Skip to content