ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම් සමාගම, රක්ෂණ සංස්ථාව, ග්‍රෑන්ඩ් හයිට්, හිල්ටන් හෝටලය, ලිට්රෝ සමාගම හා ලංකා හොස්පිටල් සතු රජයේ කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙනවා.

රට තුල දැනට පැන නැගී ඇති ආර්ථික අර්බුදය මැඩපවත්වා ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් මෙම ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය ආරම්භ කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

පසුගිය 13 වනදා පැවතී අමාත්‍ය මණ්ඩල තීරණය අනුව රාජ්‍ය ව්‍යවසායන්හි රජය සතු කොටස් අයිතිය ප්‍රතිවි්‍යුහගතකරන ක්‍රියාවලියට අනුමැතිය හිමිව තිබෙනවා.

වෙළඳපළ විකෘතිය ප්‍රකෘති කිරීමට අමතරව, මෙම ආයතනවල ඵලදායීතාව ඉහළ නංවා ජනතාවට උසස් තත්ත්වයේ භාණ්ඩ හා සේවා බා දීම තුළින් මෙම ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය හරහා ඉහළ ආර්ථික සංවර්ධනයක් ලඟා කර ගැනීමට රටට හැකිවනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content